මෙරට ප්‍රධාන රෝහලක බෝම්බයක් තැබූ සැකකරු හමුවේ..

By Sewvandhi Sep 15, 2021 01:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වැසිකිලියකින් අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිට අදාළව සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. පොලිසිය සඳහන් කළේ අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රෝහලේ ආරක්ෂක අංශයෙන් සහ තවත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. නාරාහේන්පිට ලංකා රෝහලේ පළමු මහලේ වැසිකිලියක කසල බඳුනක තිබී මෙම අත්බෝම්බය සොයා ගත්තේ ඊයේ දහවල් කාලයේදී.

රෝහල් ආරක්ෂක අංශ සිදු කළ දැනුම් දීමෙන් අනතුරුව නාරාහේන්පිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය අත්බෝම්බය රෝහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගියා. අත්බෝම්බය මදුරු දගරයක් ආධාරයෙන් ක්‍රියාත්මක වීමට සකස් කර තිබී ඇති අතර මදුරු දඟරය දල්වා නොතිබූණු බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන කටයුතු ආරම්භ කළ අතර පොලිසිය පැවසූවේ රෝහලේ ආරක්ෂක අංශයෙන් සහ ඉදිකිරීම් කටයුතු සඳහා රෝහලට පැමිණි කිහිපදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳව විශේෂ අවධානය යොමුව ඇති බවද පොලිසිය සඳහන් කළා. මීට අමතරව සැකකරුවන් සොයා රෝහලේ සී.සී.ටී.වී. දර්ශන තවදුරටත් පරීක්ෂා කෙරෙන බවත් වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha