එක්තරා ප්‍රදේශයක යුධ, ගුවන් සහ එස්.ටී.එෆ් දැවැන්ත මහෙයුමක්.(PHOTOS)
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Army
Sri Lanka Police
By Aruna
යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙන බව වාර්තා වනවා.
එහිදී ගංජා හේන් හතක්(07) වටලා ගංජා ගස් පනස් දහසකට(50000) ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ගංජාවල වටිනාකම රුපියල් කෝටියකට අධික වන බවයි පැවසෙන්නේ.
පොලිසිය පැවසුවේ, සැකකරුවන් සිව්දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මීට අදාල ඡායාරූපයන් පහතින්.





