ඉදිරි ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා ගැන නවතම බුද්ධි තොරතුරක් එළියට..
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නැගිටීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි බවට සංඥාවක් යැයි බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.
එමෙන්ම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ සහායද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික කරන බවටයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව දිසානායක මහතා කියා සිටියේ.
ඒ අනුව, හෙතෙම කියා සිටියේ, එළඹන සැප්තැම්බර් 21 වනදා නියත වශයෙන්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමුළුවක් කොළඹදී අමතමින්.
මේ අතර, රාජ්‍ය බුද්ධි අංශ විසින් ඉදිරි ජනාදිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ මේ වන විට ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කරන කරන්නේ කාටදැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි.
බුද්ධි අංශ විසින් පසුගිය දින කිහිපයේ ඉතා සියුම් ලෙස සිදු කරන ලද සමීක්ෂණවලදී මෙම කරුණු හෙළි වී ඇති බවයි පැවසෙන්නේ.
බොහෝ පිරිස් ජනාධිපතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා අවසාන සති කීපයේදී තෝරාගනු ඇති බවයි එහිදී හෙළි වී ඇත්තේ.
අපේක්‍ෂකයන්ගේ ජනප්‍රියත්වය, ඔවුනට රට ගොඩනැගීමට ඇති වැඩපිලිවෙල, රටේ පවතින දේශපාලන තත්ත්වය ආදී කරුණු සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම පිරිස තම අපේක්ෂකයා තෝරා ගැනීමට සූදානමින් සිටින බවයි එම වාර්තාව පවසන්නේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දහයකට වැඩි පිරිසක් තම මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමටද නියමිතව තිබීම ද විශේෂත්වයක්.
මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට සියයට පණහක ඡන්ද ප්‍රතිශතය මේ වන විටත් තහවුරු වී අවසන් බව සමීක්‍ෂනවලින් තහවුරු කර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කර සිටිනවා.
මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතය බොහෝ දුරට සියයට පනහෙන් එපිට සියයට පනස් පහ පනස් හය දක්වා ඉහළ යා හැකි බවයි නලින් මහතා කියා සිටියේ.
අනෙක් අපේක්ෂකයන් අතර ඇත්තේ ඉතිරි ඡන්ද ප්‍රතිශතය බෙදා ගැනීමේ සටනක් පමණක් බවයි හෙතෙම අවධාරණය කළේ.
හෙතෙම තවදුරටත් කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වන්නේ ගෝඨාභය රාජපක්ෂ මෙන් වසර දෙකකින් දමා යන්නට නොව වාර දෙකක් ජනාධිපති ධුරය දැරීමට බවයි.
සමගි ජන බලවේග පක්ෂයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කළේ ය.
මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද සිය නවතම සමීක්ෂණ වාර්තාවක් පසුගිය දා එළි දක්වනු ලැබීය.
පසුගියදා එලිදක්වා ඇති මෙම වාර්තාව අනුව සමගි ජන බලවේගය සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 38%ක ප්‍රතිශතයක් දක්වා වර්ධනය වී ඇති බවයි සටහන් වන්නේ.
තවද ජාතික ජන බලවේගය 26% ඡුන්ද පදනම දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබීම ද විශේෂත්වයක්.
මේ අතර, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේද ප්‍රතිශතය 16%ක් දක්වා වර්ධනය වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය 7%ක් දක්වා පැමිණ ඇත.
තීරණයක් ගෙන නැති ප්‍රතිශතය 8%ක් බවයි එහි සඳහන් වන්නේ.