ආරක්ෂක භටයින්ට පන්න පන්න අමානුෂික ලෙස පහර දුන් නගරාධිපති

mayor Hambanthota Eraj Fernando Colombo land
By Sewvandhi Sep 16, 2021 03:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බම්බලපිටිය කොතලාවල මාවතේ ඉඩමකට ඇතුළු වී ආරක්ෂක භටයින් දෙදෙනෙකුට පහර දුන් බව කියන හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එරාජ් ප්‍රනාන්දුගේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එම ස්ථානයට තම කාරයෙන් තනිව ගිය එරාජ් ප්‍රනාන්දු අඟහරුවාදා රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

එම ස්ථානයේ සිටි ආරක්‍ෂක නිලධාරියෙකු සඳහන් කළේ කිසිදු හේතුවක් නොදක්වා එරාජ් ප්‍රනාන්දු පැමිණ ඔහු සමඟ සිටි අනෙක් ආරක්ෂක නිලධාරියාට වචනයෙන් අපහාස කර පහර දුන් බවයි.

ඒ අනුව එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිසිය පැවසීය.

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට මීට පෙර හම්බන්තොට මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබුවේ 2014 වසරේ අප්‍රේල් 17වනදායි.

ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී ගල්මුල් වලින් පහරදීම සහ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන්.

කෙසේ වෙතත් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇප මත මුදා හැරුණේ ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුවයි.

-------------------------------------------------------

You may like this video...

ජනපතිට ප්‍රබල චෝදනාවක්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha