ෆෝන් වලට රිංගලා කරන කැත වැඩක් ගැන හිතන්නවත් බැරි දෙයක්.. - ඔබගේ ජංගම දුරකථනයත් ආරක්ෂිත ද?.

Report

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විශේෂ විමර්ශනයක් අරම්භ කර තිබෙනවා.

ෆෝන් වලට රිංගලා කරන කැත වැඩක් ගැන හිතන්නවත් බැරි දෙයක්.. - ඔබගේ ජංගම දුරකථනයත් ආරක්ෂිත ද?. | Hacking Into Mobile Phones

ඒ විවිධ ක්ෂේත්‍රවල සිටින පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට අනවසරයෙන් ප්‍රවිෂ්ට වී දත්ත ඇතුළු තොරතුරු චීනයේ දත්ත ගබඩාවලට යවන බව කියන සංවිධානාත්මක කල්ලියක් ගැනයි.

මේ වන විටත් තම ජංගම දුරකථනවලට හැකර්වරුන් ප්‍රවිෂ්ට වී දත්ත සොරකම් කළ බව කියමින් රජයේ නිලධාරින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල හතළිස් දෙනකු පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවට වාර්තා වේ.

මෙම ජාවරාම සිදුකර ඇති බවට හෙළි වී ඇත්තේ අන්තර්ජාල ණය දීමේ මධ්‍යස්ථානය තුළ තරුණියන් අසූ දෙනකු පමණ සේවයට ගනිමින් බව වාර්තා වේ.

ෆෝන් වලට රිංගලා කරන කැත වැඩක් ගැන හිතන්නවත් බැරි දෙයක්.. - ඔබගේ ජංගම දුරකථනයත් ආරක්ෂිත ද?. | Hacking Into Mobile Phones

මෙම ඔන්ලයින් ණය දීමේ මධ්‍යස්ථානය 2021 දී ශ්‍රී ලාංකිකයකු නමින් ආරම්භ කර එය චීන ජාතිකයන්ට විකුණා ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

කෙසේ වෙතත්, දැනට එය පවත්වාගෙන ගිය චීන ජාතිකයන් පස් දෙනා හා එය ආරම්භ කළ ශ්‍රී ලාංකිකයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Sponsored By Sarrita Jewellery

ෆෝන් වලට රිංගලා කරන කැත වැඩක් ගැන හිතන්නවත් බැරි දෙයක්.. - ඔබගේ ජංගම දුරකථනයත් ආරක්ෂිත ද?. | Hacking Into Mobile Phones