පාතාලයාගේ මස්සිනා STF දැලේ

Report

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මහේෂ් බණ්ඩාර’ නමැත්තාගේ මස්සිනා බව කියන පුද්ගලයකු ගිනි අවියක් ඇතුළු තියුණු ආයුධ කිහිපයක් සමඟ පන්නලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වාගේ නියෝග සහ උපදෙස් මත අධ්‍යක්ෂ (බුද්ධි අංශ/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යූ. කොඩිතුවක්කුගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදුකර තිබේ.

විශේෂ කාර්ය බලකා නිළධාරීන් සදහන් කළේ පන්නල පොලිස් කොට්ඨාශයේ මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේදී සිදු කරන ලද වි‍ශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

විමල් වීරවංශ CIDයට - ඒ පාර මොකද මේ

විමල් වීරවංශ CIDයට - ඒ පාර මොකද මේ

සැකකරු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්, විදේශීය නිෂ්පාදිත ක්ෂුද්‍ර වර්ගයේ පිස්තෝලයක්, පිස්තෝල සඳහා භාවිත කරන කාට්රිජ් 01ක්, මිලිමීටර් 9 උණ්ඩ 07ක්, බෝර 12 උණ්ඩ 09ක්, කඩුවක් 01ක් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසියි - මේකයි වැරැද්ද

නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසියි - මේකයි වැරැද්ද

අත්අඩංගුවට ගත් සැකකරු මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයකු බව වි‍ශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරන්නෙ සිද්ධියේ ඉදිරි විමර්ශන සඳහා සැකකරු පන්නල පොලිස් ස්ථානයට භාරදුන් බවයි.