ආයේ නඩු අහන්න ප්‍රමාද වෙන්නෑ තීන්දුවත් ඉක්මනින් - රජයෙන් කරපු අලුත් වැඩේ මෙන්න
මෙවන විට අධිකරණ ශාලා තුළ නඩු විභාග කටයුතු ප්‍රමාද වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබේ. එවැනි තත්ත්වයක් උඩ නඩු ප්‍රමාදය වැළැක්වීමට අධිකරණය තුළ වීඩියෝ ඇමතුම් තාක්ෂණ කට්ටල සවිකිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
අධිකරණ අමාත්‍යාංශය පවසන පරිදි මෙම වැඩසටහන සියලුම මහේස්ත්‍රාත් අධිකරණ සහ තෝරා ගත් දිසා අධිකරණ තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම්. එහිදී වීඩියෝ ඇමතුම් තාක්ෂණ කට්ටල සීයක් අධිකරණ අමාත්‍යංශය මගින් ලබාදීමට නියමිත බව වාර්තාවේ.
බන්ධනාගාරගත රැඳවූවන්, සාක්ෂිකරුවන් සහ අනෙකුත් පාර්ශව කරුවන් දුරස්ථ ක්‍රමයට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි එම වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණ කට්ටල අධිකරණය තුළ සවිකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ, වීඩියෝ ඇමතුම් සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල අධිකරණ ශාලාවක ස්ථාපනය කළ යුතු ආකාරය පිළිබඳ අධිකරණ අමාත්‍යංශය මගින් දළ සටහනක් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.
මෙමගින් අධිකරණය තුළ පවතින නඩු ප්‍රමාදය වැළැක්වීමට අවශ්‍ය පියවර ගත හැකි බවද සඳහන් වෙනවා. මෙම වැඩසටහනට සමගාමීව support to Justice Sector ව්‍යාපෘතිය යටතේ යුනිසෙෆ් ආයතනය විසින් සියලුම මහාධිකරණ වෙත ( අධිකරණ ශාලා 46 ක් ආවරණය වන පරිදි) වීඩියෝ ඇමතුම් තාක්ෂණ කට්ටල ලබාදීමට සැලසුම් කරමින් පවතින බව අධිකරණ අමාත්‍යංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙන බවද සඳහන් ව.