පකිස්තාන පොලීසියට ත්‍රස්ත ප්‍රහාරයක් 6ක් මරුට
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.
එලෙස ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණි සටන්කාමීන් තුන්දෙනෙක් පාකිස්තාන ආරක්ෂක අංශවල ප්‍රතිප්‍රහාරවලදී මියගොස් තිබේ.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට වයඹදිග පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අතර දෙපාර්ශවය අතර පැය 5කට ආසන්න කාලයක් වෙඩි හුවමාරුවක් ද සිදුව තිබේ.
පසුව එහි සිටි සියළු කාර්ය මණ්ඩල ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු තුවාල ලබා ඇත.