තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Report

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බව ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන නොමැති බව ද වාර්තා වෙයි. "මම අවංකව පිළිගන්නවා මේ අමාත්‍යධූරවල වැඩකරන්න පුළුවන් තරම් වාතාවරණයක් නෑ.

ඒ නිසා මම පෞද්ගලිකව මගේ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ඊයේ හැන්දෑවේ ජනාධිපතිවරයාට භාරදුන්නා. ජනාධිපතිවරයා ඒක ඒ වේලාවේ භාරගැනීම ප්‍රතික්ෂේප කළා. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා මම ලිපිය දීලා ආවා.

මේ අමාත්‍ය ධූරයේ කටයුතු කරන්න තරම් සාමාජීය හා දේශපාලන ස්ථාවරභාවයක් රටේ නෑ. රටක අපිට අමාත්‍යාංශයක වැඩකටයුතු කරගෙන යන්න මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම ස්ථාවරභාවයක් තියෙන්න ඕනේ. සියල්ලට කලින් මේ ස්ථාවරභාවය හදන්න ඕනේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now