ගිනි අවියක් සහ උන්ඩ සමග දෙදෙනක් අත්අඩංගුවට(PHOTOES)

bullets srilanka news sinhalanews aressted
By Gagana Nov 10, 2021 06:14 AM GMT
Gagana

Gagana

Report

නීති විරෝධී ක්‍රියාවන්ට මෙන්ම කොල්ලකෑම් සහ මහජන බිය වැද්දවීම සඳහා භාවිත කර ඇති මෙරට නිෂ්පාදිත නිර්මාණාත්මක ගිනි අවියක්, ඊට යොදන උන්ඩ සහ තවත් නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කටාන ප්‍රදේශයේ දි ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරුවන් දෙදෙනා කටාන පොලිස් වසමේ කොන්ද ගම්මුල්ල, දෙමන් හංදිය සහ ගනේපොල, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක සහ 55 ක අයවලුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ භාණ්ඩ අතර, ඉතාලියේ නිෂ්පාදිත මයික්‍රො වර්ගයේ පිස්තෝල අවියක්, පිස්තෝල උන්ඩ ගැබක්, බෝර 12 අවියක්, බෝර 12 උන්ඩ 48 ක්, 0.22mm වර්ගයේ උණ්ඩ භාවිතා කිරිමට හැකි පරිදි නිර්මාණය කරන ලද රිවොල්වර ආකෘතියට අයත් ගිනි අවි 01 ක්, සහ ඊට යොදන 0.22mm වර්ගයේ උණ්ඩ 20 ක් ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .

සැකකරුවන් සහ අදාළ භාණ්ඩ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටාන පොලිස් ස්ථානයට භාර කළ බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පි. ගුණතිළක ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකරනු සිදු කරනු ලැබූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now



GalleryGallery