වාහන ආනයනයට කොළ එළියක්...
Vehicles
By Thaya
නුදුරේදීම වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කෙරෙනු ඇති බවට තමන් විශ්වාස කරන්නේයැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා. මේ දිනවල වාහන ආනයනකරුවන්ගේ සංගම් සහ මහ බැංකුව වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නිසි ක්‍රම වේදයක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ජනාධිපති ලේකම්වරයාගේද මැදිහත් වීමෙන් සිදුකෙරෙන මෙම සාකච්ඡා අතිශයින් ඵලදායි බවද ඔහු මෙහිදී කියා සිටියා.