නැවතත් කරලියට ආ.. දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ශිෂ්‍යත්ව විභාග ගැටලුව.. අද වෙලා තියෙන දෙය මෙන්න..

Report

අද (18) දිනයේ දී ගුරු – දෙගුරු සංසදය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ඒ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත තැබීම සඳහා කළ පරීක්ෂණවල ප්‍රගතිය විමසීම සම්බන්ධයෙන් ය.

පොලිස් නිළධාරීන් ගැන ගත් තීරණයක් මෙන්න.. වැඩබලන පොලිස්පතිත් ඇවිත්..

පොලිස් නිළධාරීන් ගැන ගත් තීරණයක් මෙන්න.. වැඩබලන පොලිස්පතිත් ඇවිත්..


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනක බණ්ඩාර මහතා පෙනී සිටිය බවට තොරතුරු වාර්තා වේ. 

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගොනු කරන ලද පැමිණිල්ලෙහි ඉදිරි පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳ ව විමසීමට අද දිනයේ දී ගුරු – දෙගුරු සංසදය පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන පරීක්ෂණ කඩිනම් සහ විධිමත්ව සිදු කිරීම සඳහා යොමු කරවන ලෙසට වින්දිත පාර්ශ්වය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ ය.

"ඡන්දෙට වියදම් කළේ අටපිරිකර විකුණලා.." - නියෝජ්‍ය ලේකම්තුමියගේ ගෙදරත් යට වෙලා.. ඇඳිවත පමණයි.. සීලරතන හාමුදුරුවෝ එකවරම රටටම කීව දෙය මෙන්න..(VIDEO)

"ඡන්දෙට වියදම් කළේ අටපිරිකර විකුණලා.." - නියෝජ්‍ය ලේකම්තුමියගේ ගෙදරත් යට වෙලා.. ඇඳිවත පමණයි.. සීලරතන හාමුදුරුවෝ එකවරම රටටම කීව දෙය මෙන්න..(VIDEO)


මේ වනවිට එම පරීක්ෂණ කටයුතුවලට පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් තීරණය කරනු ලැබුවේ කිසිදු අයුරකින් විභාගය යළි නොපැවැත්වීමටත්, අදාළ ප්‍රශ්න 03 සඳහා සියලුම දරුවන්ට නිදහස් ලකුණක් පිරිනැමීමටයි.

මෙම තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අදහස විමසීමට ගුරු – දෙගුරු සංසදය පැමිණ සිටියේ ය.

ගුරු දෙගුරු සංසදය සඳහන් කළේ, මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්දුන්නේ අදාළ සියලුම පාර්ශ්වයන් කැඳවා මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකරගෙන යන බවයි.

වහාම ජනපති තීරණයක් අරන්.. පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවයි..

වහාම ජනපති තීරණයක් අරන්.. පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවයි..


එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව ඔවුන් පැවසීය.

නමුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අදාළ ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වගකිව යුතු පාර්ශ්වයක් අවසන් වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවට ද තමන් හට කොමිසමෙන් ප්‍රකාශ කළ බව ගුරු – දෙගුරු සංසදය පැවසීය.