ශ්‍රී ලංකා මුහුදේ නැව් 20ක් - ආහාර, ජල, ඉන්ධන හිඟයක් ගැන වාර්තා

Report

ඉරානයට සම්බන්ධ බව කියන තෙල් නැව් 20කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළට සැතපුම් 15ක් පමණ දුරින් නැංගුරම් ලා ඇති බව වාර්තා වනවා.

චීනය වෙත බොරතෙල් ප්‍රවාහනය කළ බවට සඳහන් වන මෙම නැව් මේ වන විට හිස්ව පවතින බවද වාර්තා වේ. කෙසේ වෙතත්, ජාත්‍යන්තර සම්බාධක සහ සමුද්‍රීය ගමනාගමන සීමා හේතුවෙන් මෙම නැව් මුහුණ දී ඇති තත්ත්වය වඩාත් සංකීර්ණ වී ඇති බව සඳහන්.

දැඩි ඇමරිකානු සම්බාධක හේතුවෙන් ඇතැම් නැව්වල සිටින කාර්ය මණ්ඩල සඳහා ආහාර, ඉන්ධන සහ පානීය ජලය වැනි අත්‍යවශ්‍ය සැපයුම් හිඟවෙමින් පවතින බවට වාර්තා පළ වී තිබෙනවා.

මේ අතර, ඇමරිකානු සම්බාධකවලට හසුවීමේ අවදානමක් පවතිනු ඇතැයි යන බිය හේතුවෙන් ඇතැම් ශ්‍රී ලාංකික සැපයුම්කරුවන් එම නැව්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට මැලිකමක් දක්වන බවද සඳහන්.

ලංකාවේ පැත්තක් රත් වෙයි - සූදානම් වන්නැයි අවවාදාත්මක නිවේදනයක්

ලංකාවේ පැත්තක් රත් වෙයි - සූදානම් වන්නැයි අවවාදාත්මක නිවේදනයක්

ශ්‍රී ලංකාවට ඇති නීතිමය බලතල සීමිතයි

මෙම නැව් ශ්‍රී ලංකාවේ ස්වෛරී මුහුදු සීමාවෙන් පිටත, එරට සුවිශේෂී ආර්ථික කලාපයට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම් ලා ඇති බැවින්, ඒවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට ඇති නීතිමය බලතල සීමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා බලධාරීන් අදාළ නැව්වල චලනයන් නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන්.

ජාත්‍යන්තර සම්බාධක ක්‍රියාත්මක වන පසුබිමක සමුද්‍රීය ප්‍රවාහන හා සැපයුම් ජාල මුහුණ දෙන සංකීර්ණතා මෙම සිදුවීම හරහා තවදුරටත් ඉස්මතු වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.  

ශිරන්ති සොයා රනිල් සිංගප්පූරු යන කතාව දේශපාලන වේදිකාවේ උණුසුම් වෙයි

ශිරන්ති සොයා රනිල් සිංගප්පූරු යන කතාව දේශපාලන වේදිකාවේ උණුසුම් වෙයි

ඩීසල් ලීටරයකට රු. 800ක්? පෙට්‍රල් මිලත් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

ඩීසල් ලීටරයකට රු. 800ක්? පෙට්‍රල් මිලත් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්