ඉන්ධන ආනයන වියදම හෙළිකරයි - වසරක් තුළ 61.6%ක වේගවත් ඉහළ යාමක්

Report

මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටක කාලය තුළ ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4,072.1ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කළ දත්ත අනුව, එය 2025 වසරේ එම කාලයේ ඉන්ධන ආනයනය සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 2,520.6ට සාපේක්ෂව 61.6%ක ඉහළ යාමකි.

ඒ අනුව මේ වසරේ පළමු මාස අට තුළ ඉන්ධන ආනයන වියදම පසුගිය වසරේ එම කාලයට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 1,551.5කින් ඉහළ ගොස් තිබේ. මේ අතර, 2026 අගෝස්තු මාසයේ පමණක් ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450.6ක් වැය වී ඇත.

එය 2025 අගෝස්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 255.2ට සාපේක්ෂව 76.5%ක වැඩිවීමක් වන අතර, වියදම අමෙරිකානු ඩොලර් මිලියන 195.4කින් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, 2026 අගෝස්තු මාසයේ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 321.9ක් වැය වී තිබේ. 2025 අගෝස්තු මාසයේ ඒ සඳහා වැය කර තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 202.9ක් වන අතර, ඒ අනුව පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම වාර්ෂික පදනමින් 58.7%කින් ඉහළ ගොස් තිබේ.

ගිගුරුම් සහිත වැසි සහ අකුණු ගැන කාලගුණ නිවේදනයක් - කාලගුණය වෙනස් වන පළාත් මෙන්න

ගිගුරුම් සහිත වැසි සහ අකුණු ගැන කාලගුණ නිවේදනයක් - කාලගුණය වෙනස් වන පළාත් මෙන්න

ඔසුසල්වලින් මත්ද්‍රව්‍ය පෙති? ඔසුසල් හිමියන්ට විශේෂ කැඳවීමක්

ඔසුසල්වලින් මත්ද්‍රව්‍ය පෙති? ඔසුසල් හිමියන්ට විශේෂ කැඳවීමක්