මුහුදු සීමාව පැන ආ ඉන්දීය ධීවරයින් 9ක් නාවික හමුදා දැලේ

Report

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය, ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව උල්ලංඝනය කරමින් ඔවුන් මෙරට මුහුදු සීමාව තුළ මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී ඊයේ (03) සවස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

ඔවුන් මසුන් ඇල්ලීම සඳහා භාවිත කළ ධීවර යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ධීවර යාත්‍රාව මේ වන විට කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සහ අකුණු ගැන කාලගුණ නිවේදනයක් - කාලගුණය වෙනස් වන පළාත් මෙන්න

ගිගුරුම් සහිත වැසි සහ අකුණු ගැන කාලගුණ නිවේදනයක් - කාලගුණය වෙනස් වන පළාත් මෙන්න

“බංකොලොත් රටක් අපි භාරගත්තේ… ලබන වසරේ IMFයෙන් මිදෙනවා” - ඇමති හිනිදුම සුනිල් සෙනවි

“බංකොලොත් රටක් අපි භාරගත්තේ… ලබන වසරේ IMFයෙන් මිදෙනවා” - ඇමති හිනිදුම සුනිල් සෙනවි