ආණ්ඩුව ළමයිව ඩෝප් කරන්න හදන කතාවට ආණ්ඩුවම උත්තර දෙයි

Report

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (SLADA) නිල වෙබ් අඩවියේ ඩිජිටල් එළිදැක්වීම සහ ජංගම දුරකථන මෘදුකාංගය (mobile app) පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ සුගත දාස ක්‍රීඩාංගණය අසල පිහිටි ආයතනයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ඇතුළු පිරිස සහභාගී වුණා.

අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ, අද SLADA ආයතනයට විශේෂ දවසක් බවයි. ක්‍රීඩාව දැන් තාක්ෂණය සමඟ බැඳී ඇති බැවින් ඩිජිටල් ආකාරයෙන් මෙම වේදිකාව හඳුන්වාදීම ඉතා වැදගත් බවත්, ශ්‍රී ලංකාවට high performance ක්‍රීඩාවක් ගෙන ඒම සඳහා මෙම ඇන්ටි ඩෝපිං ආයතනය කරන මෙම ලොකු වැඩසටහන් ඉතා හොඳ බවත් ඔහු සඳහන් කළා.

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

මෙම ඩිජිටල් වේදිකාව මගින් ක්‍රීඩකයින්ගේ තොරතුරු, විවිධ තරගවල තොරතුරු ආදිය ලබාගත හැකි බවත්, අධ්‍යාපනයට නව දැනුමක් අවශ්‍ය බවත් ඔහු පැවසුවා. පැරණි ක්‍රමයට තබාගෙන ඉන්න මිනිසුන් ගලවාගෙන යාමට නොහැකි බවත්, සිස්ටම් චේන්ජ් කිරීමට ආව බවත් අවධාරණය කළේය. ඇන්ටි ඩෝපිං ගැන විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට තමන් යෝජනා කළ බවත් කීවා.

විපක්ෂයෙන් එල්ල වන චෝදනාවක් පිළිබඳව අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූයේ, මෙම වෙබ් අඩවිය හඳුන්වාදීම සම්බන්ධයෙන් “මේ දැම්මොත් කියන කතාව තාමත් ආණ්ඩුව ළමයින්ව 6 වසරේ ඉඳන් ඩෝප් කරන්න හදනවා කියලා විපක්ෂය කියනවා” යනුවෙනි.

කවුරු විරෝධ කළත් සමාජයට යහපත් දෙයක් කළ යුතු නම් එය කරන බවත්, මෙම දේවල් සමහරක් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර ඉවර කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා ක්‍රීඩා ක්ෂේත්‍රයට අවශ්‍ය මුදල් ලබාදෙන බව පොරොන්දු වී ඇති බවත් සඳහන් කළේය.

සමහරුන් හිතන්නේ තරගයකදී සියල්ල චෙක් කළ යුතුයි කියලා බවත්, එය එසේ නොවන බවත්, එයට ලොකු ගානක් යන බවත්, ක්‍රීඩකයින්ට හැඟීමක් තිබිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ලින්ක් එක දාන්න කලින් පොඩ්ඩක් ඔබලා බලන්න ඒ වගේම මම බලන් ඉන්නවා උගන්ඩාවේ ඩොලර් බිලියන 18 ගේනකන් - නාමල්

ලින්ක් එක දාන්න කලින් පොඩ්ඩක් ඔබලා බලන්න ඒ වගේම මම බලන් ඉන්නවා උගන්ඩාවේ ඩොලර් බිලියන 18 ගේනකන් - නාමල්

SLADA වෙබ් අඩවිය (slada.lk) මගින් WADA prohibited list පරීක්ෂා කිරීම, medication check කිරීම ආදිය කළ හැකි අතර, මෙය ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව, clean sport ප්‍රවර්ධනය හා දැනුවත් කිරීම අරමුණු කරගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම ඩිජිටල් පියවර ක්‍රීඩා ක්ෂේත්‍රයේ තාක්ෂණික දියුණුවක් ලෙස සැලකෙන අතර, SLADA පසුගිය කාලයේ ජාත්‍යන්තර මට්ටමින් අනුකූලතා ගැටලු විසඳාගෙන ඉදිරියට යන බව පෙන්වා දෙනවා.