ජල පාරිභෝගිකයන්ට ජල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්
පවතින එල්නිනෝ තත්ත්වයත් සමග ජල සම්පාදන මණ්ඩලය මගින් පානීය ජලය සඳහා ජලය ලබා ගන්නා ජල මූලාශ්රවල අඩුවීමක් දක්නට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසයි .
ඒ මහතා සඳහන් කරන්නේ ඒ අනුව සමහර ප්‍රදේශ අඩු පීඩන යටතේ ජලය ලබාදීමට කටයුතු සිදු වෙන බවත්, මඩකලපුව වැනි ප්‍රදේශවලට ජලය ලබාදීමේ අපහසුතාවයකට පත්ව ඇති බවයි.
ස්වභාවික මූලාශ්‍ර මේ වන විට ජලය ලබා ගැනීමට සුදුසු ආකාරයෙන් සකස් කරමින් පවතින බවත්, ජලය අර පිරිමැස්මෙන් පාවිච්චිකිරීමට සියලු ජනතාව කටයුතු කල යුතු බවයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කර තිබේ
මෙන්ම ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කිරීම මෙවැනි කාලයක අවශ්‍යතාවයක් බවත් ජලය සාමාන්‍ය පරිදි පවතින කාලය තුළදී වුවත් අරපීරිමැස්මෙන් පාවිච්චි කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.