කොන්සියුලර් කාර්යාලයේ කටයුතු ගැන විශේෂ නිවේදනයක්..

Sri Lanka
By krishani Sep 20, 2022 06:41 AM GMT
krishani

krishani

Report

පරිගණක පද්ධතියේ දෝෂයක් නිසා අත්හිටුවා තිබූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයේ කටයුතු අද (20) සිට නැවත ආරම්භ කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීම මේ වනවිට විසඳා ඇත.

කොන්සියුලර් අංශයේ අනෙකුත් සියලුම සේවාවන් ද අඛණ්ඩව සපයනු ලබයි.සේවා ලබා ගැනීම සදහා පහත සඳහන් දුරකථන ඔස්සේ සම්බන්ධ විය හැකිය.

කොන්සියුලර් කටයුතු අංශය,කොළඹ 01: 011-2338812/011-2338843 ප්‍රාදේශීය කාර්යාලය,යාපනය: 021-2215970 ප්‍රාදේශීය කාර්යාලය,ත්‍රිකුණාමලය: 026-2223182 ප්‍රාදේශීය කාර්යාලය,මහනුවර: 081-2384410 ප්‍රාදේශීය කාර්යාලය,කුරුණෑගල: 037-2225941 ප්‍රාදේශීය කාර්යාලය,මාතර: 041-2226697

ReeCha