සීතාවක බලය ගන්න මාලිමාවට කඩේ ගිය තවත් දේශපාලනඥයෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි

Report

සර්වජන බලයේ සාමාජිකත්වය දැරූ චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවීමට එම පක්ෂය තීරණය කොට තිබේ.

එයට හේතුව ලෙස දක්වනුයේ සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමට පැවැති ඡන්ද විමසීමේදී ඔහු පක්ෂ තීරණයට පිටින් ක්‍රියා කළේ යැයි අනාවරණය වීම හේතුවෙනි.

ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් පක්ෂ මහ ලේකම් රංජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව ලිපියකින් ඔහු වෙත දැනුම් දී තිබේ.

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

ඒ අනුව අද (18) පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට පටහැනිව යමින් සහ / හෝ පක්ෂයේ අවසරය නොමැතිව සභාව තුළ රැඳී සිටිමින් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සර්වජන බලයේ චන්දන ප්‍රේමනාත් මහතා සහාය දක්වා ඇති බවට අනාවරණය වී ඇතැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

පක්ෂය විසින් දැනුම්දී තිබූ තීරණයට පටහැනිව කටයුතු කිරීම සහ පක්ෂයේ අවසරය නොමැතිව කටයුතු කිරීම බරපතළ විනය විරෝධී ක්‍රියාවක් වන අතර, මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීරණයක් ලබාදෙන තුරු චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවන බව අදාළ ලිපිය මඟින් ඒ මහතාට දැනුම්දී තිබේ.

කිසිම රණවිරුවෙක්ට ගෙවන විශ්‍රාම වැටුපක් දීමනාවක් අත්හිටුවන්නේ නෑ විශ්‍රාම යන්න ඉන්න අයටත් වැඩපිළිවෙළක් - අරුණ

කිසිම රණවිරුවෙක්ට ගෙවන විශ්‍රාම වැටුපක් දීමනාවක් අත්හිටුවන්නේ නෑ විශ්‍රාම යන්න ඉන්න අයටත් වැඩපිළිවෙළක් - අරුණ