18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්

Report

පසුගිය ජූලි 03 වන දින, 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ නියෝග අංක 3 සංශෝධනය කිරීම සඳහා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත.

එබැවින් සංශෝධිත නියෝගය මඟින් නේවාසික හෝටල්වල සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන්නියන්ගේ කාර්යයන්හි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ට පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදීමට හැකි වන ලෙස අවශ්‍ය නීතිමය සංශෝධන හඳුන්වා දීමට බලාපොරොත්තු වී ඇති බව සඳහන්.

එම කාර්යය සඳහා සාප්පු හා කාර්යාල සේවකයින් පිළිබඳ (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ 66 වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් සාදනු ලැබ ඇති සංශෝධික නියෝගය අනුමැතිය වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉන් පසුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති බව වාර්තා වේ.

පොලිසියට සුබ පණිවුඩයක්

පොලිසියට සුබ පණිවුඩයක්

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

රාජ්‍ය සේවයට තවත් අලුත් පිරිසක් බඳවා ගැනේ

රාජ්‍ය සේවයට තවත් අලුත් පිරිසක් බඳවා ගැනේ