රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට මොකද වුණේ?. - ඒ සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..

Report

රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීම අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මකයි.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට මොකද වුණේ?. - ඒ සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න.. | Government Employee Salary Increase From April

ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (29) පැවති විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින් ය.

2015 වසරේ තමා අගමැතිවරයා ලෙස සිටි කාලවකවානුවේ දී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත්, මේ වසරේදීත් ආර්ථික පීඩාකාරි තත්ත්වය නිසාම රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩිකරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ය.