උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයේ තීරණයක්

Sri Lanka Politician Harini Amarasuriya Sinhala news
By Mithu May 24, 2025 07:19 AM GMT
Mithu

Mithu

Report

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට ඒවා කඩිනමින් පවරා දීම බවය. උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටළු විසදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

වරාපිටියේ සුරූපිනිය නිහඩ කළ කාම ඝාතකයා

වරාපිටියේ සුරූපිනිය නිහඩ කළ කාම ඝාතකයා

මෙතෙක් කලක් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුවෙන්, පැවති රජයන් ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුව ඇති බව ද ඇය එහිදී පවසා තිබේ. අයිතිය හිමි ජනතාව සතුව අයිතිය ඔප්පු කිරීමට ලේඛන කිසිවක් නොමැති බැවින් ජනතා විශ්වාසය දිනාගත් ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ සඳහා අවශ්‍ය බව උතුරු නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන්.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ඇතැම් පිරිස් වංචනිකව ඉඩම් අත්පත්කරගෙන ඇති බැවින් රජය විසින් අදාළ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් පවතින බවයි. ජනතාවගේ සැකය නැතිවන පරිදි නිසි ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් නීත්‍යානුකූලව තහවුරු කිරීම් සමග ඉඩම් අයිතිය ජනතාවට ලබාදිය යුතු බව රජයේ එකඟතාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කර තිබේ.

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

ඒ අනුව ජනතාව සහ අදාළ අංශ සමග සාකච්ඡා කර ඉදිරියේදී නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ තවත් කතාවක් එළියට

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ තවත් කතාවක් එළියට