ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

Report

ශ්‍රී ලාංකිකයින් ඇතුළු 18 දෙනෙකුගෙන් සමන්විත නෞකා කාර්යය මණ්ඩලයක් සහිත විදේශීය ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට ගෙන ඇත.

ඒ අනුව ලීටර් මිලියන 06ක ඉන්ධන තොගයක් නීතිවිරෝධීව ජාවාරම් කරන බවට චෝදනා කරමින් එම නෞකාව ඉරාන බලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

තවද ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී අදාළ නෞකාව ඉරාන බලධාරීන් භාරයට ගෙන තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගත් නෞකා කාර්යය මණ්ඩලයේ පිරිස අතර ශ්‍රී ලාංකිකයින්ට අමතරව ඉන්දීය හා බංග්ලාදේශ ජාතිකයින් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෝන් සීනා' රෙස්ලිං වළල්ලට අද සමුදෙයි

ජෝන් සීනා' රෙස්ලිං වළල්ලට අද සමුදෙයි

තවද ඉරාන බලධාරීන් සදහන් කරන්නේ නැවතුම් නියෝග නොසලකා හැරීම, පලා යාමට තැත් කිරීම හා නෞකාවේ ලිපිලේඛනවල දුර්වලතා යනාදී කරුණු යටතේ ඊයේ පස්වරුවේ අදාළ නෞකාව සිය භාරයට ගත් බවයි.

ඒ වගේම ඉරානය විසින් ගතවූ සති කිහිපය තුළ දී මේ අයුරින් නෞකා බොහෝමයක් සිය භාරයට ගෙන තිබේ තවද ලොව අඩුම ඉන්ධන මිල ගණන් පවතින ඉරානයේ පැවතීම නිසා එහි සිට සිට අසල්වැසි රටවල් වෙත මුහුදු මාර්ගයෙන් ඉන්ධන ජාවාරම් බොහෝ වන  බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

හරිනිට නාමල්ගෙන් ස්තුතියක් - මෙන්න හේතුව

හරිනිට නාමල්ගෙන් ස්තුතියක් - මෙන්න හේතුව