ගෝඨාභය මරා දමා මහින්ද ජනාධිපති කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි.(VIDEO)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මරාදමා රට අරාජික කිරීමේ ඇමරිකානු කුමන්ත්‍රණයක් තිබු බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.
ඒ මහතා විසින් මෙම විශේෂ හෙළිදරව්ව සිදු කළේ, යූටියුබ් නාලිකාවක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනුයි.
ඒ අනුව ලිබියාවේ තත්වයට ලංකාව ඇදලා දාලා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව ජනාධිපති කරන්න ඇමරිකානුවෝ සාකච්චා කර ඇති බවද ඒ මහතා විසින් අවධාරණය කළා.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, "මෙරට අධිවේගී මාර්ග වහල ලංකාව ඇතුලට හාවේ සීඅයිඒ නියෝජිතයෝ.
මානසික යුද්ධයක් කරලා පෙන්නුවේ. ඇමෙරිකානු තානාපතිනිය ගෝඨාභය රවට්ටගෙන හිටියේ.
ගෝඨාභය ආණ්ඩුව විනාශ කරන්න තැනට ගෙනිච්චෙ පී බී ජයසුන්දර, ලලිත් වීරතුංග ගෝඨාභය වැඩ කරේ ඒගොල්ලොන්ට ඕන විදියට.
ගෝඨාභය ජනාධිපති වුණාට පස්සෙත් මිලින්ද මොරගොඩ කතා කරේ සර් කියලා. රනිල් ජනාධිපති කිරීම මේ ගොල්ලොන්ගේ ප්ලෑන් B ශවේන්ද්‍ර සිල්වා කමල් ගුණරත්න ලාව ඇමරිකානු තානාපතිනිය විසින් බය කරේ යුධ අපරාද ප්‍රශ්නය ඉදිරියට ගෙනව කියලා.born again කියන්නෙත් සීඅයිඒ ටූල් එකක්".
මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
