ගෝටාභය ඇතුළු තවත් ලොක්කෝ රැසක් අල්ලස් කොමිසමට කැදවයි - හේතුව මෙන්න
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගවිනිසුරු මෙන්ම හිටපු නීතිපතිවරයකු ද වන මොහාන් පීරිස් මහතා ඉදිරි දින කිහිපය තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මෙම පියවර ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් දැනට සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.
එමෙන්ම කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයක නිවාස කිහිපයක්, නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පුද්ගලයන් පිරිසක් වෙත ලබා දීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වන බව සඳහන්.
අඳාළ සිදුවීම ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයට අදාළ වූවක් බව සඳහන්.
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත ආරම්භ වූ මෙම විමර්ශනය යටතේ, මේ වන විටත් එවකට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ නිලධාරීන් රැසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන අවසන් වී ඇත.
එම නිලධාරීන්ගෙන් හෙළි කරගත් තොරතුරු මත පදනම්ව, හිටපු ජනාධිපතිවරයාගෙන් සහ හිටපු නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එබැවින් ඉදිරි දින කිහිපය තුළ මොවුන් දෙපළගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.