Google Translate හි දැවැන්ත වෙනසක්- Gemini බලයෙන් ක්‍රියාත්මක වන Live Translate පහසුකම මෙන්න

By Kanchana Sep 06, 2026 04:13 AM GMT
Report

ගූගල් සමාගම සිය Google Translate යෙදුම සඳහා නව සජීවී පරිවර්තන පහසුකම් රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව Android සහ iOS පරිශීලකයින්ට තත්‍ය කාලීන ද්වි-මාර්ග සංවාද පරිවර්තනය මෙන්ම තිරයේ දිස්වන පෙළ පරිවර්තනය කිරීමේ පහසුකම්ද හිමි වේ.

ගූගල් පවසන්නේ මෙම නව වැඩිදියුණු කිරීම් විවිධ භාෂා කතා කරන පුද්ගලයන් අතර සංවාද වඩාත් පහසු සහ ස්වාභාවික කිරීම අරමුණු කරගෙන ඇති බවයි. නව Live Translate පහසුකම හින්දි, අරාබි, ප්‍රංශ, කොරියානු, ස්පාඤ්ඤ සහ දෙමළ ඇතුළු භාෂා 70කට වැඩි සංඛ්‍යාවක් සඳහා සහාය දක්වයි.

මෙහි ප්‍රධාන නව විශේෂාංගයක් වන්නේ Gemini තාක්ෂණයෙන් බලගැන්වුණු කථන බුද්ධි හැකියාවයි.

ගූගල්ට අනුව, එහි උසස් කථන හඳුනාගැනීමේ තාක්ෂණය සහ බහුමාධ්‍ය Gemini ආකෘති මඟින් කාර්යබහුල කැෆේ සහ ගුවන්තොටුපළ වැනි ඝෝෂාකාරී පරිසරවල පසුබිම් ශබ්ද හඳුනාගෙන වෙන් කිරීමට හැකියාව ඇත. එමෙන්ම උච්චාරණ, කථන ස්වර සහ සංවාද අතර ඇති විරාම හඳුනා ගැනීමටද නව පද්ධතියට හැකි බව ගූගල් සඳහන් කරයි.

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

පරිවර්තනය කළ ශ්‍රව්‍ය වාදනය කරන අතරතුර, දෙභාෂා පිටපතක්ද තිරය මත එකවර ප්‍රදර්ශනය කෙරේ. ඒ අනුව පරිශීලකයින්ට සංවාදය ශ්‍රව්‍යයෙන් අසාගෙන තිරය ඔස්සේද එය අනුගමනය කළ හැකිය. තවද, පරිශීලකයින් කතා කරන විට භාවිත වන භාෂාව ස්වයංක්‍රීයව හඳුනාගැනීමේ හැකියාවද යෙදුමට ලබා දී තිබේ.

භාෂා ඉගෙනීමටත් නව පහසුකමක් ගූගල් විසින් පරිශීලකයාගේ තනි ඉගෙනුම් අරමුණු අනුව කථන සහ සවන්දීමේ පුහුණු සැසි නිර්මාණය කරන නව භාෂා ඉගෙනුම් සහායක පහසුකමක්ද හඳුන්වා දී ඇත.

Live Translate භාවිතා කරන ආකාරය Android හෝ iOS උපාංගයේ Google Translate යෙදුම විවෘත කරන්න.

Live Translate විකල්පය තෝරන්න. පරිවර්තනය කිරීමට අවශ්‍ය මූලාශ්‍ර භාෂාව සහ ඉලක්කගත භාෂාව තෝරන්න. සාමාන්‍ය පරිදි සංවාදය ආරම්භ කරන්න.

එහිදී යෙදුම කතා කරන පුද්ගලයාගේ භාෂාව ස්වයංක්‍රීයව හඳුනාගෙන පරිවර්තනය සිදු කරමින් එය තිරයේ ප්‍රදර්ශනය කිරීමට සහ පරිවර්තනය කළ හඬ වාදනය කිරීමට කටයුතු කරයි.

Android සහ iOS සඳහා තවත් වෙනස්කම් Android උපාංගවල Live Translate පහසුකම පසුබිමේදීත් සංවාද සැකසීමට හැකි වන පරිදි වැඩිදියුණු කර තිබේ. ඒ අනුව දුරකථනයේ තිරය අගුළු දමා තිබියදී පවා පරිශීලකයින්ට වෙනත් කාර්යයන් සිදුකරමින් පරිවර්තනයට සවන් දිය හැකිය.

මෙම පහසුකම iOS සඳහාද ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය. iOS පරිශීලකයින් සඳහා පරිවර්තනය කළ ශ්‍රව්‍ය දුරකථනයේ කන් පෙත්ත හරහා සවන්දීමේ හැකියාවද දැන් ලබා දී තිබේ.

එමඟින් අත් භාවිතයෙන් තොරව පරිවර්තනයට සවන් දිය හැකි අතර, විශේෂයෙන් ගුවන්තොටුපළ, දුම්රිය ස්ථාන සහ පොදු ප්‍රවාහන සේවා වැනි ඝෝෂාකාරී ස්ථානවලදී එය ප්‍රයෝජනවත් වනු ඇත. මෙම නව පහසුකම් හඳුන්වා දීමත් සමඟ සංචාර අතරතුර මෙන්ම එදිනෙදා ජීවිතයේදී විවිධ භාෂා කතා කරන පුද්ගලයන් සමඟ තත්‍ය කාලීනව සන්නිවේදනය කිරීම වඩාත් පහසු කිරීම ගූගල් සමාගමේ අරමුණ වී තිබේ.

ඊජිප්තුවෙන් ආන්දෝලනාත්මක තීන්දුවක්- ප්‍රකට රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12කට මරණ දඬුවම

ඊජිප්තුවෙන් ආන්දෝලනාත්මක තීන්දුවක්- ප්‍රකට රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12කට මරණ දඬුවම