Google Pixel 6 Pro අන්තර්ජාලය හරහා Leak වෙයි.

By Wasantha Jul 14, 2021 06:41 AM GMT
Report

ඔන්න තවත් ලීක් වෙච්ච දෙයක් තමා කියන්න හදන්නේ ඒ Google Pixel 6 Pro ගැන Google Pixel 6 Pro දුරකථනයෙහි Live Shot එකක් අන්තර්ජාලය හරහා Leak වී ඇති අතර, ඉදිරියේදී පැමිණීමට නියමිත මෙම ජංගම දුරකථනයේ සිත් ඇදගන්නාසුළු මෝස්තරය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.

අගෝස්තු මාසයේදී, Google සමාගම විසින් බොහෝ දෙනා බලා සිටි Pixel 5 Mid-range දුරකථනය එළිදැක්වීමට සැලසුම් කර ඇති අතර, Pixel 6 සහ Pixel 6 pro ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

ඉතින් Live Shot එක මඟින් ඉදිරියේදි එන Pixel 6 Pro උපාංගයේ ඉදිරිපස මෙන්ම පසුපස සැලසුම ද හෙළි කරලා තිබෙනවා.

මෙම Design එකෙන් පැමිණෙන Pixel 6 සහ Pixel 6 Pro දුරකථන තරමක් සිත්ගන්නාසුළු හා අද්විතීය වනු ඇති බවයි ගොඩක් දෙනෙක් ගේ මතය. Google Pixel 6 Series එකේ Smartphones වලට විශේෂිත ප්‍රොසෙසරයක් අඩංගු කරනු ඇතැයි අපේක්ශා කෙරේ. මෙවර Google සමාගම විසින් තම දුරකථනවල කැමරා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.

Google Pixel 6 සහ Pixel 6 Pro වලට වඩාත් ආකර්ශණීය ඡායාරූප ලබා ගත හැකි වන ලෙස Google සමාගම විසින් ඒ සඳහා විශේෂ Chip එකක් භාවිතා කර කැමරාවේ රූප සැකසීමේ හැකියාවන් සකස් කරනු ඇතැයිද වාර්තා වෙනවා.

Google Pixel 6 වල Triple කැමරාවක් සහ LED Flash එකක් ඇති බව පෙනේ. කැමරාවේ හැඩය සෘජුකෝණාස්‍රාකාර බැවින් එයට Periscope Zoom Lens එකක් තැබීමේ හැකියාවක් ඇත.

ඔබට හිතෙනවා විදිහට මේ Google Pixel 6 phone එක ලංකාවේ මුදලින් කියක විතර වෙයිද ? ? අපිටනම් හිතෙන්නේ ලක්ෂ තුනකටවත් කිට්ටුවෙ වෙයි කියලා.?