ශ්‍රී ලංකාවට පිරිමි මීටර් 400 සහාය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කමක්...
By Parami Dissanayake
තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහාය දිවීමේ තරගාවලියේ දී පිරිමි මීටර 400 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණි.
ඒ තරගය විනාඩි 3යි තත්ත්පර 04යි දශම 48කින් අවසන් කරමිනි.
එමෙන් ම, ශ්‍රී ලංකා පිරිමි මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ සමාජිකයින් වන්නේ කාලිංග කුමාරගේ, අරුන දර්ෂණ, පසිඳු ලක්ෂාන් සහ දිනුක දේශාන් ය.