ප්‍රකට බ්‍රිතාන්‍ය නවකතාකරු සහ හිටපු මන්ත්‍රී ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

By Kanchana Oct 06, 2026 05:04 AM GMT
Report

ප්‍රසිද්ධ නවකතාකරුවෙකු මෙන්ම බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෙෆ්රි ආචර් මහතා අභාවප්‍රාප්ත වී ඇත එතුමා මියයන විට ඔහු 86 වන වියෙහි පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබයි .

දශක පහකට අධික ලේඛන ජීවිතය තුළ ඔහුගේ පොත් පිටපත් මිලියන 300කට වඩා අලෙවි වී ඇති අතර, 'Kane and Abel' සහ 'Clifton Chronicles' ආදී කෘති ඒ අතරින් වඩාත් ජනප්‍රිය විය. ඒ වගේම 1940 දී ලන්ඩනයේ උපත ලැබූ ආචර්, 1969 වසරේදී කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වුණි .

ඉන් පසුව ඔහු එම පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ තවද 1987 දී 'Daily Star' පුවත්පතට එරෙහිව පැවැති නඩුවකදී අධිකරණය නොමඟ යැවීමේ චෝදනාවට වරදකරු වූ ඔහුට, 2001 වසරේදී වසර හතරක සිරදඬුවමක් නියම වුණි.

2003 දී සිරදඬුවමින් නිදහස ලැබූ ඔහු, පසුව සාමි මණ්ඩලයේ කටයුතුවලට එක්වූ අතර 2024 වසරේදී ඉන් විශ්‍රාම ලැබීය.

'ක්‍රිෂ්' ගනුදෙනුවේ නඩුවට නාමල් රාජපක්ෂ යළිත් අධිකරණයට

'ක්‍රිෂ්' ගනුදෙනුවේ නඩුවට නාමල් රාජපක්ෂ යළිත් අධිකරණයට

ඔහුගේ අවසන් නවකතාව වන 'Adam and Eve' මෙම සතියේ නිකුත් වීමට නියමිතය

ඒ වගේම අභාවප්‍රාප්ත වීමට පෙර ඉරිදා දිනයේදී පවා ඔහු ලන්ඩනයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් සිය පාඨකයින් උදෙසා ග්‍රන්ථ අත්සන් කිරීමේ කටයුතුවල නිරතව සිටි බවද විදෙස් මාධ්‍ය තවදුරටත් ප්‍රකාශ කරයි .