හෙට රජයේ මේ නිලධාරින් දැවැන්ත වැඩ වර්ජනයක

Report

දේශපාලනික අරමුණු මත පදනම්ව සිදුකර ඇති නීතිවිරෝධී වෛද්‍ය ස්ථාන මාරුකිරීම්වලට විරෝධය පළ කරමින් හෙට (31) උදෑසන 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි එක් දින දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ප්‍රකාශ කරයි.

අද (30) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා චෝදනා කළේ කිසිදු විධිමත් විමසීමකින් තොරව හිතුවක්කාරී ලෙස සකස් කරන ලද ස්ථාන මාරු ලැයිස්තුවක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සූදානම් වන බවයි.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

මෙවැනි අත්තනෝමතික ක්‍රියාවක් සෞඛ්‍ය සේවය තුළ මින් පෙර කිසිදු දිනක සිදුව නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නවත්වා ගැනීමට අවශ්‍ය නම් හෙට උදෑසන දක්වා බලධාරීන්ට කාලය පවතින බවත්, එතෙක් සාධාරණ විසඳුමක් නොලැබුණහොත් වැඩවර්ජනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, වැඩවර්ජන කාලසීමාව තුළ මහජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් හදිසි ප්‍රතිකාර සේවා සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහතික කර සිටියි.

අවුරුදු කටේ මුළු රටම බයෙන් හිටපු නරක ආරංචිය - අප්‍රේල් 1 දා ඉඳන් විදුලි ගාස්තුව ඉහළට

අවුරුදු කටේ මුළු රටම බයෙන් හිටපු නරක ආරංචිය - අප්‍රේල් 1 දා ඉඳන් විදුලි ගාස්තුව ඉහළට

දේශපාලන මැදිහත්වීම් මත සෞඛ්‍ය පද්ධතිය අඩපණ කිරීමට ඉඩ දිය නොහැකි බව එම සංගමය මෙහිදී රජයට අවධාරණය කළේය.