ලංකාවට සතුටුදායක ආරංචියක් - බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට - මෙරටට ගෙන්වන තෙල් මිලෙත් විශාල අඩුවීමක්
By Kaushi
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.27ක් දක්වා අඩුවී තිබෙන බව සඳහන්. එය සියයට 4.42ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුද්ධය අවසන් කිරීමට එකඟ වීමක්? කිසිදා න්‍යෂ්ටික අවි ළඟ තබා නොගන්නා බවට ඉරානය එකඟ වූ බව ට්‍රම්ප් කියයි
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 98.84ක් දක්වා අඩුවී තිබෙන අතර එය සියයට 5.41ක අඩුවීමක් බව සඳහන්.
මේ අතර ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 119.88ක් වශයෙන් දැක්වේ.
එබැවින් එය පෙර මිලට සාපේක්ෂව සියයට 11.31ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.