ජනතාවට රුපියල් 10,000 ක සහනාධාරයක් - ආණ්ඩුව දෙයි ද?

Report

වර්තමානයේ ජනතාව දැඩි අසීරුතාවයකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේදී සෑම පවුලකටම කොවිඩ් වසංගතය පැතිරුණු සමයේදී ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ලබා දුන් සහනාධාරය මෙන්ම රුපියල් දස දහසක සහනාධාර මුදලක් ලබාදෙන ලෙස හිටපු අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා රජයෙන් ඉල්ලා සිටියි.

එසේම රජයේ සේවකයන්ට ද සහනාධාරයක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබේ.

මැද පෙරදිග යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ඩොලරය ඉහළ ගිහින්

මැද පෙරදිග යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ඩොලරය ඉහළ ගිහින්

මාස දෙකකට ඉන්ධන ප්‍රමාණවත්ව ඇති බවටත් භාණ්ඩාගාරයේ සල්ලි ඉතිරිව පවතින බවටත් රජයේ නිලධාරීන් දැනටමත් ප්‍රකාශ කර ඇති බැවින් ජනතාවට සහනාධාර මුදලක් ලබාදීමට කිසිදු ගැටලුවක් නැතැයි වෛද්‍ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ රජයේ සමයේදී කුමන දුෂ්කරතා තිබුණද ජනතාව පැත්තෙන් සිතා එවැනි සහනාධාරයක් ලබාදුන් බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම ඉල්ලීම මඟින් වත්මන් ආර්ථික බලපෑම් හමුවේ ජනතාවගේ දෛනික ජීවන වියදම සමනය කිරීම සඳහා රජයෙන් කඩිනම් මැදිහත්වීමක් ඉල්ලා තිබේ.

උතුරු දේශපාලනය උණුසුම් වෙයි - මහ ඇමති තරඟයට සුමන්තිරන් සූදානම්

උතුරු දේශපාලනය උණුසුම් වෙයි - මහ ඇමති තරඟයට සුමන්තිරන් සූදානම්

මහින්ද රාජපක්ෂ මරන්න සල්ලි ගත්ත හිටපු ඇමති ගැන අනාවරණයක්

මහින්ද රාජපක්ෂ මරන්න සල්ලි ගත්ත හිටපු ඇමති ගැන අනාවරණයක්