බයිසිකලේ හදලා දෙනවැයි කියා දැරියකට පොල් වත්තකදී ලිංගික අතවර කරලා...

Police Gossip Koswaththa girl-sexually-abused
By Aruna Jul 29, 2021 10:14 AM GMT
Aruna

Aruna

Report

පාපැදිය අලුත්වැඩියා කරගැනීමට ඥාති සොහොයුරකු සමග යමින් සිටි 12 හැවිරිදි දැරියක රවටා පොල් වත්තකට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන පුද්ගලයෙක් නාන්තන්ඩිය කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්වත්ත පොලිස් වසමේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

මොහු වෘත්තියෙන් කම්සහකරුවකු බව ද පොලිසිය කියයි. මෙම දැරියගේ මව තම ඥාති පුතකු ද සමග දැරිය පිටත් කර ඇත්තේ පාපැදිය අලුත්වැඩියා කරගෙන ඒමට බවත්, අතරමඟ දී සැකකරු එම ඥාති පුතා රවටා දැරිය තනි කරගෙන රැගෙන ගොස් මෙසේ අතවර කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

දැරිය මේ බව සිය මවට කීමෙන් පසු ඇය (මව) දියණිය ද කැටිව කොස්වත්ත පොලිසියට පැමිණ පැමිණිලි කළ බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ලිංගික අපයෝජනයට ලක්වූ බවට පැවසෙන දැරිය වෛද්‍ය පරික්ෂණයකට රෝහල්ගත කර ඇති අතර, කොස්වත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now