චූන් පාන් රියැදුරු සිරිපා අඩවිය පාමුල 23 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළිය ඝාතනය කරයි. - සම්පූර්ණ විස්තරය මෙන්න.(VIDEO)

By Wayomi Dec 06, 2024 11:22 AM GMT
Report

සිදුකළ ආදර ඇරැයුමක් ප්‍රතික්ෂේප කිරීම නිසා සිරිපා අඩවිය පාමුල 23 හැවිරිදි යුද හමුදාවේ හිටපු සෙබළියක් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදු කළ චූන් පාන් අලෙවියේ නිරත තරුණයකු රත්නපුර සිරිපාගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

චූන් පාන් අලෙවියේ නිරතව සිටින තරුණයා මෙම ඝාතනය කර ඇත්තේ පෙරේදා (04) උදෑසන 7.30ට පමණ සිරිපාගම පොලිස් බලප්‍රදේශයේ කැටවල ගිලිමලේ වෙලේගොඩ මාර්ගයේදීයි.

ඔහු ඇගේ හිසට හා සිරුරට පොල්ලකින් පහරදී ඇති අතර ඇය ලේ ගලන තුවාල සහිතව සිටියදී රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය සඳහන් කළා.

එම්. අහිංසා සමන්මලි නම් මෙම තරුණිය රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇති බවයි පරීක්ෂණවලදී හෙළි අනාවරණය වී ඇත්තේ.

චූන් පාන් රියැදුරු සිරිපා අඩවිය පාමුල 23 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළිය ඝාතනය කරයි. - සම්පූර්ණ විස්තරය මෙන්න.(VIDEO) | Girl Killed By Chun Pan Driver At Siripadaya Site

මියගිය යුවතිය වසර හතරක් යුද හමුදා සේවයේ යෙදී සිට පසුව ඉන් ඉවත්ව නිවෙසේ සිටි තැනැත්තියකි.

චූන් පාන් ත්‍රිරෝද රථයේ තරුණයකු ඇගේ ආදරය පතා කිහිපවරක් ඉල්ලීම් කර තිබුණත් ඇය ඊට අකමැත්ත පළ කර තිබූ බව එම තරුණියගේ පවුලේ අය පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ තරුණිය අල්මාරියක් මිල දී ගැනීමට රත්නපුර නගරයේ වෙළෙඳ ආයතනයකට මුදල් ගෙවා තිබී ඇති අතර එය රැගෙන ඒමට නිවෙසින් පිටත්ව යද්දී සිරිපාගම සුදාගල මාර්ගයේදී ප්‍රහාරයට ලක්ව ඇත.

කතරගම දේවාලයේ පොල් ගැසීම නතර වෙයි.? - පොල් වෙනුවට තැඹිලි? - මෙන්න ඇහෙන අලුත්ම ආරංචිය.

කතරගම දේවාලයේ පොල් ගැසීම නතර වෙයි.? - පොල් වෙනුවට තැඹිලි? - මෙන්න ඇහෙන අලුත්ම ආරංචිය.

අක්‍රීය ණය අඩු වෙයි. - මහා බැංකු වාර්තාව මෙන්න.

අක්‍රීය ණය අඩු වෙයි. - මහා බැංකු වාර්තාව මෙන්න.