ගිරිරාජ් කෞෂල්‍යට හොඳටම අසනීප ද..? ආයේ රඟපාන්න එන්නේ නැද්ද..? බුකිය කළඹන මෙම කතාවේ ඇත්ත නැත්ත මෙන්න..(PHOTOS)

Actor gossip Giriraj Kawshalya health conditions
By Sewvandhi Jan 14, 2022 04:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගිරිරාජ් කෞෂල්‍ය කියන්නෙ වේදිකාවෙත් , ටෙලි තිරයෙත් , සිනමාවෙත් දක්ෂතා පෙන්වූ හාස්‍ය රංගන ශිල්පියෙක්. විශේෂයෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂණයටත් පිවිසිණු ඔහු, "සිකුරු හතේ", "සුහද කොකා" වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා ද වනවා. එමෙන්ම, ඔහු අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් ළඟදීම සිනමාහල්වල තිරගත වීමට නියමිතයි.

මේ අතර, පසුගිය දිනවල ගිරිරාජ් කෞෂල්‍ය හදිසියේ අසනීප වූ අතර, ඔහුට ඉතා අසාධ්‍ය බවට මුහුණු පොතේ තොරතුරු හුවමාරු වුණා. එමෙන්ම. ඇතැම් තැන්වල "ගිරිරාජ් රංගනයට සමුදෙයි" කියලත් සඳහන් කර තිබූ අයුරු දැකගත හැකි වුණා. කෙසේ වෙතත්, මේ පිළිබඳව සත්‍ය අසත්‍ය තහවුරු කර ගැනීම සඳහා අපි ගිරිරාජ්ට සමීප ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ව සම්බන්ධ කරගත්තා.

"ගිරිරාජ්ට අසාධ්‍ය කියන කතාව බොරු. ඔහු අසනීපෙන් තමයි ඉන්නේ.. ඔහුට සුපුරුදු විදිහට ප්‍රතිකාර කටයුතු වෙනවා. ඒත් ඔහු හිටපු විදිහට හිනාවෙලා කතාබහ කරලා ඉන්නවා. ඔහු රංගනයෙන් ඉවත් වුණා, දැන් රඟපාන්න බෑ කියලා, ගොඩක් අය බොරු ප්‍රචාර යවනවා.

එහෙම දෙයක් නැහැ. එකම දේ ඔහු නෑවිත් ඉන්නෙ රටේ දැන් තියෙන කොවිඩ් වාතාවරණය නිසා ඔහුගේ සෞඛ්‍යයට ඉන් නරකක් වේවී කියන ගැටලුව නිසා. නැතුව කිසිම වෙලාවක අපේ මිත්‍රයා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා නැහැ.

මේ ඔක්කොම විශිෂ්ට කලාකරුවන්ගේ ප්‍රසිද්ධිය සහ දක්ෂතාව පාවිච්චි කරලා, හම්බ කරගෙන කන්න දඟලන වෑයමක්. ඉක්මනින් සුව වුණාම ඔහු ආපහු රංගනයට ඒවී. පේජ් කරන අයගෙන් අපි ඉල්ලන්නෙ කරුණාකරලා බොරු ප්‍රචාර යවන්න එපා තමන්ගෙ බඩගෝස්තරය වෙනුවෙන්.." 

 කෙසේ වෙතත්, මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ඒ ආදරණීය රංගන ශිල්පියා ඉක්මණින් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 



Gallery