චාමර සම්පත් සහ නාමල් එකම සිරකුටියට
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා රඳවා සිටින වාට්ටුවේම රඳවා තැබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැය 4ක පමණ කාලයක් ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව චාමර සම්පත් දසනායක මහතා ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ මන්ත්රීවරයා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.