කොරේ පිටට මරේ - චාමර සම්පත්ට තවත් නඩුවක්
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් බෙදාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් අයථා පරිහරණය කළ බවට චෝදනා කරමින්, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව අද (13) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි බදුල්ල රාජ්‍ය බැංකු ශාඛාවක නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරිණි.
අනතුරුව අදාළ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ලබන නොවැම්බර් 04 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.