සෞදි අරාබියෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

Report

ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, සෞදි අරාබිය තුළ මතුව ඇති තත්ත්වය නිසා එරට සංචාරය කරනු ලබන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය දන්වා ඇත්තේ කලාපයේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් සෞදි අරාබිය වෙත පැමිණෙන සහ ආපසු යන ගුවන් ගමන්වලට බාධා ඇති විය හැකි බවයි.

එබැවින් එම කාර්යාලය සිය නිවේදනයෙන් දැනුම්දී ඇත්තේ උම්රා වන්දනා චාරිකාවේ නිරත වීමට අපේක්ෂා කරන වන්දනාකරුවන් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසටයි.

වාහන අංක මෙහෙම තිබ්බොත් වැඩ වරදියි - අයිතිකරුවන් සමඟ වාහන දෙකක් අත්අඩංගුවට

වාහන අංක මෙහෙම තිබ්බොත් වැඩ වරදියි - අයිතිකරුවන් සමඟ වාහන දෙකක් අත්අඩංගුවට

එසේම වන්දනාවේ නිරත විමට බලාපොරොත්තුවන පිරිස් සිය සංචාරක කටයුතු සැලසුම් කිරීමේදී අවධානයෙන් පසුවන ලෙසත් අදාළ උම්රා කණ්ඩායම් නියෝජිතයින් හෝ සංචාරක නියෝජිතයින් සමඟ සමීප සම්බන්ධතාවයකින් පසුවන ලෙසත් එම කාර්යාලය උපදෙස් ලබා තිබෙනවා.

ඊට අමතරව හදිසි අවස්ථාවකදී හෝ අනපේක්ෂිත තත්ත්වයකදී ක්‍රියාත්මක වීමට සුදුසු විකල්ප සංචාරක සැලසුම් තමන් සතුව පවතින බවට වන්දනාකරුවන් සහතික විය යුතු බවද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අස්වැසුම හිමි අයට දැනුම්දීමක් - එනකල් බලා ගෙන සිටි මුදල් අද සිට බැංකුවට

අස්වැසුම හිමි අයට දැනුම්දීමක් - එනකල් බලා ගෙන සිටි මුදල් අද සිට බැංකුවට

සූර්ය බලශක්ති (Solar) භාවිත කරන අයට ජනාධිපතිගෙන් සුබ ආරංචියක් - බැටරි ගබඩා පද්ධතිවලට බදු සහන

සූර්ය බලශක්ති (Solar) භාවිත කරන අයට ජනාධිපතිගෙන් සුබ ආරංචියක් - බැටරි ගබඩා පද්ධතිවලට බදු සහන