ආන්දෝලනයක් ඇති කළ ගිං ඔය ඛේදවාචකයේ මියගිය තරුණියගේ පෙම්වතා කට අරී - අත්අඩංගුවට

Report

වෙන්නප්පුව,නයිනමඩම ප්‍රදේශයේ ඉකුත් දා ගිං ඔයට පැන තරුණියක් සියදිවි හානි කර ගැනීමේ සිද්ධියට අඳාළව ඇයගේ පෙම්වතා බව කියන තරුණයෙකු වෙන්නපුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පිටව ගොස් මෙම තරුණයා වෙන්නපුව පොලීසියට පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නපුව නයිනමඩම පදිංචිකරුවෙකු වන රුමේෂ් ලක්ෂාන් නමැති වයස අවුරුදු 18ක තරුණයෙක්.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද මියගිය තරුණියගේ පෙම්වතා යැයි සලකන පුද්ගලයා විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ,

ගිංඔයට පැන්න පාසල් තරුණියගේ ඛේදවාචකය හෙළි වේ - සිරුරත් ගොඩගෙන

ගිංඔයට පැන්න පාසල් තරුණියගේ ඛේදවාචකය හෙළි වේ - සිරුරත් ගොඩගෙන

" මියගොස් සිටින උමයංගනා සහ මා අතර අවුරුදු කිහිපයක සිටම ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. මේ බව අපේ ගෙවල්වල වැඩිහිටි අයත් දන්නවා. 28 වැනිදා සවස උමයංගනා අපේ ගෙදර ආවා. ඒ වෙලාවේ දෙන්නා අතර බහින්බස්වීමක් වුණා. පසුව ගෙදර යනවා කියලා ගිය ඇය මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා අම්මා මට බනිනවා. ඒ නිසා ගෙදර යන්න බයයි කියලා. මම මිතුරෙකු එක්ක ඇය සිටින බව පැවසූ නයිනමඩම ගිංඔය පාලමෙන් යන විටම ඇය පාලමෙන් පනිනවා දැක්කා. ඇයව බේරාගන්න මමත් ගිං ඔයට පැන්නා. නමුත් මට ඇයව බේරගන්න බැරි වුණා."

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

කෙසේ වෙතත් ඔයට පැනීමෙන් පසු සිද්ධිය දැක දියේ ගිලී සිටි දෙදෙනාව බේරීමට අසල හෝටලයක සේවකයන් දෙදෙනකු ගඟට කඹයක් දමා ඇති අතර තරුණයා කඹේ එල්ලි ගොඩට පැමිණි බවත් තරුණිය දිලී ගිලි අතුරුදහන් වී  ඇති බව වාර්තා විය.

එසේම දිවි බේරා ගත් තරුණයා 1990 ගිලන් රථයකින් මාරවිල මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

එසේම අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර 29 දින පෙරවරුවේ සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි විය. මේ අතර මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය හලාවත මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩී.කේ විජයවර්ධන විසින් සිදු කර ඇත.

එහිදී දියේ ගිලි හුස්ම සිරවීමෙන් මෙම මරණය සිදුවී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියම කර තිබු බව සඳහන්.

මම හිතුවේ ඒවා අමතක කරලා කියලා නමුත් ඒවා අමතකර කරලා නෑ - අපහාස මැද සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් සංවේදීව පිටියට සමුදෙයි

මම හිතුවේ ඒවා අමතක කරලා කියලා නමුත් ඒවා අමතකර කරලා නෑ - අපහාස මැද සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් සංවේදීව පිටියට සමුදෙයි