වසර දෙකකට පසු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව රැස්වෙයි

Report

පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද (02) රැස් වී තිබේ.

මෙම සභාව මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මියගේ සභාපතීත්වයෙන් පැවැත්වෙන අතර, 2023 වසරෙන් පසු පළමු වරට මෙම වර්ෂයේදී සභාව රැස් වී තිබේ.

සභාවේදී සමුද්‍රිය පරිසරයේ ස්වාභාවික සම්පත් සංරක්ෂණය, සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා අදාළ උපදේශන, ලෝකයේ ප්‍රධාන නැව් මාර්ගයක පිහිටි ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය හරහා සිදුවන මෙහෙයුම් කටයුතුවල තත්ත්වයන්, සහ එම මෙහෙයුම් මගින් ඇතිවන දුෂණයන් පිළිබඳ උපදේශන ලබා දීම සිදු කෙරුණි.

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

මෙම සභාව, ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය දුෂණයෙන් තොරව පවත්වා ගැනීම සහ එහි ස්වභාවික සම්පත් සංරක්ෂණය සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීම තුළින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රිය උරුමය සුරක්ෂිත කිරීමේ අරමුණ සපුරාලයි.

එමෙන්ම, මෙය දිවයිනේ නිල් ආර්ථිකය (Blue Economy) ශක්තිමත් කිරීමේ මහඟු පිටුවහලක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මෙම පළමු පරිසර සභාවේ ආරාධිතයන් ලෙස, පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, ගරු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අමාත්‍යාංශ ලේකම් රෝහිත උඩුවාවල, සභාපති සමන්ත ගුණසේකර, සාමාන්‍යාධිකාරි ජගත් ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි විය.

පහල වායුගෝලය කැළඹෙයි - රටටම ආයෙත් වැසි

පහල වායුගෝලය කැළඹෙයි - රටටම ආයෙත් වැසි