කැවිලි කන්න එන්නැයි කියා අනියම් පෙම්වතිය 44 හැවිරිදි පෙම්වතාගේ ලිංගික අවයව කපා පලා ගිහින්

Report

ඉන්දියාවේ මුම්බායි නගරයේදී තම පෙම්වතාට බරපතළ අයුරින් පහර දී ලිංගික අවයවය කපා පලාගිය විවාහක කාන්තාවක් පිළිබඳ සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිද්ධිය අලුත් අවුරුදු උදා වූ රාත්‍රියේ, පසුගිය දෙසැම්බර් 31 වනදා සිදුව ඇති අතර, 25 හැවිරිදි විවාහක කාන්තාවක් තම 44 හැවිරිදි විවාහක පෙම්වතාට අලුත් අවුරුදු රසකැවිලි ලබාදීමට අවශ්‍ය යැයි පවසා තම නිවසට ආරාධනා කර ඇති බව සඳහන් වේ.

එහිදී පෙම්වතා නිවසට පැමිණි අවස්ථාවේදී, කාන්තාව විසින් පිහියක් භාවිත කර ඔහුගේ ලිංගික අවයවය කපා ඔහුට බරපතළ ලෙස පහර දී එම ස්ථානයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.

ලෝකෙම බලන් හිටපු ප්‍රියාංකා ගාන්ධිගේ ලේලි මෙන්න

ලෝකෙම බලන් හිටපු ප්‍රියාංකා ගාන්ධිගේ ලේලි මෙන්න

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට මුම්බායි හි සියොන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම දෙදෙනා අතර වසර හයකට ආසන්න කාලයක් පුරා අනියම් සබඳතාවක් පැවති බවත්, බිරිඳ අත්හැර තමාව විවාහ කරගන්නා ලෙස කාන්තාව විසින් නිරන්තරයෙන් කළ බලපෑම් හේතුවෙන් ඔවුන් අතර නිතර ආරවුල් ඇතිව තිබූ බවත්ය.

තවද, පලාගොස් සිටින කාන්තාව එම පුද්ගලයාගේ සහෝදරියගේ නෑනා බවටද තොරතුරු අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය නඩුවක් ලියාපදිංචි කර ඇති අතර, සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ගල් කැටයම්, ආප්ප දැමිලි පුද්ගලිකව කරගන්න හයේ පොතට ඒවා එපා - මිහින්තලා හිමිත් සමලිංගික මොඩියුලය ගැන කට අරියි

ගල් කැටයම්, ආප්ප දැමිලි පුද්ගලිකව කරගන්න හයේ පොතට ඒවා එපා - මිහින්තලා හිමිත් සමලිංගික මොඩියුලය ගැන කට අරියි