කොළඹ නිවාස යෝජනා ක්‍රම 10ක ගැටලු ප්‍රමුඛතාව මත විසඳීමට කටයුතු කරනවා – නි. ඇමති එරංග
By Kanchana
කොළඹ නිවාස යෝජනා ක්‍රම 10 ක ගැටලු ප්‍රමුඛතාව මත විසඳීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සදහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෝදර මහල් නිවාස සංකීර්ණයේ අඩුපාඩු සොයා බැලීමට පැමිණ තිබේ
ඒ වගේම කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ද ඊට එක්ව සිටි බව වාර්තා වේ.
තවද ඔවුන් මේ වන විට ජනතාව මුහුණදී සිටින යටිතල පහසුකම් ඇතුළු සංවර්ධනය විය යුතු අංශ පිළිබඳ සොයාබැලීමට කටයුතු කර ඇත.
මේ අතර එතුමා දැනුම් දෙන්නේ පනස් දහසේ දීමනාව මෙතෙක් නොලැබුණ ආපදාවට පත්වූවන් සිටී නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් විමසන ලෙසයි.