හෙට දින සිදුකරන රාජ්‍ය සේවකයන්ගේ දැවැන්ත උද්ඝෝෂණය..! සහභාගී වන ක්ෂේත්‍ර මෙන්න..

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Oct 29, 2023 07:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට(30) දිනයේ අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවක වෘත්තීය සමිති රැසක්  දීපව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒවා හෙට දහවල් 12ට පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ.

කළමනාකරණ සේවා නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන්,සමෘද්ධි, කාර්යාල සේවා, සංවර්ධන නිලධාරීන්, පළාත් රාජ්‍ය සේවා ඇතුළු අතුරු ක්ෂේත්‍ර රැසක සේවකයන් ඊට එක් වීමට නියමිතයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ලබන සතිය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

ReeCha