අයවැය දෙවන වර කියවීම වැඩි ජන්දයෙන් සම්මතයි

Report

අය වැය වැඩි ජන්දයෙන් සම්මත වී තිබෙනවා පක්ශව 121 ත් විපක්ශව 84 කුත් ලැබී තිබෙනවා.

එමෙන්ම මන්ත්‍රීවරයෙකු ජන්දය ලබා දීමෙන් වැලකී සිට තිබෙනවා.

ලබන වසර සඳහා වන අයවැය පසුගිය 14 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වන දින ආරම්භ වූ අතර 07වන දිනටත් අද දිනයේ විවාදය පැවැත්වුණි.

  විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්විය. අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) දිනයේ සිට දෙසැම්බර් 08 වන දින දක්වා දින 13ක කාලයක් පැවැත්වෙන අතර තුන්නන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now