අලි සංචරණ මාර්ග ගැන ගැසට් මඟින් තීරණයක්

Report

රජය විසින් අලි සංචරණ මාර්ග ගැසට් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ.

මෙම තීරණය ගෙන ඇත්තේ අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ය.

පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අලි - මිනිස් ගැටුම පාලනය කිරිමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

 

ආසියානු යොවුන් මළල ක්‍රීඩා උළෙලෙන් රිදී පදක්කමක්

ආසියානු යොවුන් මළල ක්‍රීඩා උළෙලෙන් රිදී පදක්කමක්