ගෑස් වල සංයුතියේ වෙනස් වීමක්...සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…(VIDEO)
Sri Lanka
Gas
Litro gas
Lp gas
By Aruna
මෙයාට භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් බවද පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය.
මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන ප්‍රධාන සමාගම් දෙකම එක් වී මෙම රසායනික වෙනස සිදු කළ බවද පැවසූ ඔහු එකල තමා විෂයභාර අමාත්‍ය දෙනාටම මේ බව පැවසුවද ඔවුන් එය ගණන් නොගත් බවත් චෝදනා කරයි.
මෙය වංචනික ක්‍රියාවක් බවත් මිනීමැරුමකට අනුබල දීමත් ඔහු කියා සිටියි. අන්තර්ජාල නාලිකාව සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |