ගෑස් නිෂ්පාදන නවතා දමයි..සමාගමෙන් විශේෂ ප්‍රකාශයක්..?

By Sewvandhi Nov 15, 2021 12:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි. ඒ හේතුවෙන් තම සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇතැයි සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසීය.

මෙම ගැටළුව විසඳාගැනීම සඳහා රජය පාර්ශවයෙන් සාධනීය මැදිහත්වීමක් සිදු කර නැති බවද සභාපතිවරයා පැවසීය.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ ලාෆ් ගෑස් සමාගමේ සැපයුම් බිඳවැටීම හේතුවෙන් බව තම සමාගමේ ගෑස් සදහා ඉල්ලුම වැඩිවීමෙන් ලිත්‍රො ගෑස් හිගයක් ඇතිව තිබෙන බවයි.

-----------------------------------------------

YOU MAY LKE THIS VIDEO...

පාඨලී චම්පික අයවැය ගැන කියූ කතාව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW