ගෑස් සමාගමක මිල සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය

sri lanka politics Litro gas
By Sithumi Jul 19, 2021 04:19 PM GMT
Sithumi

Sithumi

Report

අලුතෙන් හඳුන්වාදුන් ලිට්ට්‍රෝ ගෑස්  18 ගෘහස්ථ  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150 ට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිම් වී තිබේ.

එමෙන්ම, එහි බර කිලෝග්‍රෑම් 9.5ක් ලෙස සටහන් කළ යුතු බවට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අතර මෙම ලීටර් 18හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල සම්බන්ධ යෝජනාව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ලීටර් 18හේ ගෑස් සිලින්ඩරය කලින් වෙළදපොළේ අලෙවි වූයේ රුපියල් 1395ක මිලකටයි. වෙළදපොළට අලුතින් හදුන්වා දුන් ලීටර් 18හේ නව ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් පසුගිය දා දැඩි කතාබහක් ඇති වුණා.

ඊට හේතු වූයේ එහි නියමිත බර ප්‍රමාණය නොමැතිවීමයි. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දිගින් දිගටම කරුණු අනාවරණ කළ අතර පසුව පාරිභෝගික කටයුතු අධිකාරිය අදාළ ගෑස් සමාගමට දැනුම් දුන්නේ ලීටර් 18හේ නව ගෑස් සිලින්ඩරය වෙළදපොළෙන් ඉවත් කර ගන්නා ලෙසටයි.

ලීටර් 18හේ නව ගෑස් සිලින්ඩරය හදුන්වා දීමට පෙර පැවති කිලෝග්‍රෑම් 12යි 5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 1493ක් ලෙසටයි.

ReeCha