ගෑස් මිළ ඉහළ යයිද ? 700 කින් වැඩි කරන්න ඉල්ලයි.
Gas
litro
Laugh gas
By Sithumi
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ. වෙ
ළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මෙතෙක් ඒ සඳහා අනුමැතිය ලබාදී නැති අතර ඒ පිළිබඳව අධ්‍යනය කිරීමට කමිටුවක් පත් කර ඇති බවය.
ඒ හරහා ලෝක වෙළඳපලේ ගෑස් මිල වැඩිම පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් සිටින බවද ඇමතිවරයා පැවසීය. මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන ප්‍රධාන සමාගම වන ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ අවම වශයෙන් රුපියල් 580කින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකළ යුතු බවයි.
ගාෆ් සමාගම සඳහන් කරන්නේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 540කින් අවම වශයෙන් මිල ඉහළ නංවන ලෙස ඉල්ලා තිබෙන බවය.