ගෑස් සහ මිල සම්බන්ධයෙන් රටටම සුබ ආරංචියක්..
By Aruna
වෙළඳපොලේ පවතින මිල ගණන් අනුව කිලෝ ග්‍රෑම් 12.5 අවස්ථා ගෑස් සිලින්ඩරයක් මිල වැඩි කළ යුතු නියම මිල රුපියල් 950 ක් බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ කලින් ඇණවුම් කර ගෑස් තොග තවදුරටත් සමාගම සතුව ඇති නිසා ප්‍රකාශිත මිල ගණන් යටතේ පමණත් මිල වැඩි කිරීමට තීරණය කරන ලද බවයි.
2024 අප්‍රේල් මාසය පමණ වන තෙක් රටට අවශ්‍ය ගෑස් තොග සමාගම සතුව ඇති බව ද හෙතෙම පැවසීය.
ඒ අනුව කිසිම ආකාරයකින් රට තුළ ගෑස් හිගයක් ඇති නොවීමට වග බලා ගැනීමට සමාගම කටයුතු කරන බවද සභාපතිවරයා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |